Homeසියලුම පුවත්පස්සරට දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක්

පස්සරට දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක්

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මෙම අනතුරු ඇඟවීම අද (11) පස්වරු 4.00 සිට හෙට (12) පස්වරු 4.00 දක්වා බලපැවැත්වේ.
මීට අමතරව දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබේ.
පොළොවේ පිපිරීම්, ගස් හෝ විදුලි කණු ඇලවීම, හදිසි ජල උල්පත් මතුවීම වැනි නායයෑමේ ලක්ෂණ දක්නට ලැබේ නම් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments