Friday, February 13, 2026
Homeදේශීයපසුගිය මාස 3 තුළ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 22 ක් මරුට

පසුගිය මාස 3 තුළ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 22 ක් මරුට

පසුගිය මාස 03 තුළ  පුද්ගලයින් 22 දෙදෙනෙකු වෙඩි තබා  ඝාතනය කර තිබේ. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව කියා සිටියේ ය. 

එම කාල සීමාව තුළ වාර්තාවී ඇති වෙඩි තැබීමේ සිද්ධි සංඛ්‍යාව 42 කි. 

අපරාධ මැඩලීමට පොලිසිය ගෙන ඇති පියවර හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහා එම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබිණ.(news 1st)

RELATED ARTICLES

Most Popular

Recent Comments