මහනුවර පහළ කඩුගන්නාවට ආසන්න හිඟුල ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයෑම් අවතැන්කය ඉතිරි අයුරු සොයාගැනීමේ සහ බේරාගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් සිදුවෙමින් පවතී.
සුන්බුන් අතර සිරවී සිටි තවත් කාන්තාවක් ආරක්ෂක අංශ සහ මුදාගැනීමේ කණ්ඩායම් විසින් සාර්ථකව බේරාගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කළේය.
අදාළ ස්ථානයේ සිරව සිටින බව සැලකෙන අනෙක් පුද්ගලයන් සඳහාත් ආරක්ෂක අංශ, විශේෂ මූලික කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් එක්ව සෙවීමට සහ බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කළේය.

