Homeසියලුම පුවත්ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහනේ ප්‍රගතිය ජනපති අධීක්ෂණයට

ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහනේ ප්‍රගතිය ජනපති අධීක්ෂණයට

ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රගතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේදී සමාලෝචනය කර ඇත.
2026 අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදනවලින් මේ වන විට රුපියල් මිලියන 23,000ක ව්‍යාපෘති අනුමත කර ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙම ව්‍යාපෘති ජීවනෝපාය සංවර්ධනය, නිෂ්පාදන ආර්ථිකය සහ ආහාර සුරක්ෂිතතාව ඉලක්ක කරමින් ප්‍රජා සංවර්ධන සභා මගින් තෝරාගෙන ක්‍රියාත්මක කෙරෙන බවද සඳහන් වේ.
ග්‍රාමීය දිළිඳුකම අඩු කිරීම සහ ජන ජීවිතය නඟා සිටුවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවද, එහි ප්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම වැදගත් බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments