Tuesday, February 17, 2026
Homeweatherweatherප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 2.00ට පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

අනෙක් ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මධ්‍යම රාත්‍රියේදී සහ අළුයම් කාලයේදී මීදුම් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවධානය යොමු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments