Saturday, December 20, 2025
Homeweatherweatherප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි

ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි

නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත් සහ පොළොන්නරුව, හම්බන්තොට දිස්ත්‍රික්කවල හෙට (21) වැසි වාර කිහිපයක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල පස්වරු 2ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ප්‍රදේශ කිහිපයක පැ.කි.මී. 40ක පමණ තද සුළං ඇතිවිය හැක.

අළුයම් කාලයේදී බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වල මීදුම් තත්ත්වයක් ද ඇතිවිය හැකි බැවින්, ගිගුරුම් සහිත වැසි හා අකුණු සම්බන්ධ අනතුරු වලින් වැළැක්වීමට ජනතාව අවධානයෙන් සිටින ලෙසද ඉල්ලයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments