Wednesday, February 11, 2026
Homeදේශීයප්‍රදේශ තුනකට වැසි, තද සුළං වලින් සහ අකුණු වලින් ආරක්ශාවෙන්න

ප්‍රදේශ තුනකට වැසි, තද සුළං වලින් සහ අකුණු වලින් ආරක්ශාවෙන්න

අද (25) නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් ජනතාවට දැනුම් දෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments