Thursday, April 9, 2026
Homeසියලුම පුවත්ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් අවවාදයක්

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් අවවාදයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (03) දහවල් නිකුත් කර ඇති අතර එය අද රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත්, ත්‍රිකුණාමලය, මන්නාරම, වව්නියා සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස 1.00ට පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉඩකඩක් පවතින බව සඳහන් වෙයි.
මෙම කාලය තුළ තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවට දැනුම් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments