පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.
ඊයේ (10) අලුයම සිදු වූ මෙම ප්‍රහාරයේදී අනපේක්ෂිතව නිවසේ ප්‍රධාන ගේට්ටුවට වෙඩි තැබූ පිරිසක් සිදුවීම් අලලා පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ආරක්ෂක අංශ මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර මෙතෙක් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවද තහවුරු වී ඇත.
නසීම් ෂා අද (11) ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරඟාවලියේ පළමු තරගය සඳහා සහභාගී වීමට නියමිතය. මෙම තරඟය පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පාකිස්තාන වේග පන්දු ක්‍රීඩක නසීම් ෂා ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

