ශ්‍රී ලංකා – පාකිස්තාන් T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර ඇත.
මෙම T20 තරගාවලියේ තරග මෙම මස 7, 9 සහ 11 යන දිනවල දඹුල්ල RDICS ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා T20 සංචිතය:
දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක කමිල් මිශාර කුසල් මෙන්ඩිස් කුසල් පෙරේරා ධනංජය ද සිල්වා චරිත් අසලංක ජනිත් ලියනගේ කමිඳු මෙන්ඩිස් වනිඳු හසරංග දුනිත් වෙල්ලාලගේ මහීෂ් තීක්ෂණ දුෂාන් හේමන්ත ට්‍රෙවීන් මැතිව් දුෂ්මන්ත චමීර මතීෂ පතිරණ නුවන් තුෂාර එෂාන් මාලිංග
මෙම සංචිතය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව තරගාවලියට එක්වනු ඇත.

