පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවී ඇත.
මරාගෙන මැරෙන ත්‍රස්තයින් දෙදෙනෙකු මූලස්ථානය වෙත පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙක් ප්‍රධාන දොරටුව අසල බෝම්බය පුපුරවා ඇත. අනෙක් ත්‍රස්තයා හමුදා පරිශ්‍රය ඇතුළත දී බෝම්බය පුපුරවා ඇති බවයි වාර්තා.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
පාකිස්තානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

