Homeසියලුම පුවත්පාන් මිල රුපියල් 10කින් ඉහළට

පාන් මිල රුපියල් 10කින් ඉහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති එම්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, පෙරේදා (29) තිරිඟු පිටි ආනයනික සමාගම් විසින් පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
මේ අතර, අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද පාරිභෝගිකයින්ට අසාධාරණයක් නොවන ආකාරයෙන් ඉහළ දැමීමට තීරණය කර ඇති බව එම සංගමය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments