Wednesday, March 4, 2026
Homeදේශීයපාර මාරු වුණු වනඅලියෙකු වෑන් රථයක ගැටී ජීවිතක්ෂයට

පාර මාරු වුණු වනඅලියෙකු වෑන් රථයක ගැටී ජීවිතක්ෂයට

අද (27) අලුයම 1ට පමණ හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ 124 වන කිලෝමීටර් කණුව අසලදී ධාවනය වෙමින් තිබූ වෑන් රථයකට වනඅලියෙකු ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරා සහ කාන්තාවක් හබරණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ගැටීමෙන් වනඅලියා මියගොස් ඇති බව වාර්තා වෙයි.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයෙන් හුරුලු පාරිසරික උද්‍යානය වෙත ප්‍රධාන මාර්ගය හරහා මාරුවීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව කවුඩුල්ල වනජීවි නිලධාරීන් සඳහන් කරයි.

මියගිය වනඅලියා වයස අවුරුදු 12කට ආසන්න, උස අඩි 5ක් පමණ වූ සත්ත්වයෙකු බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කවුඩුල්ල වනජීවි නිලධාරීන් සහ හතරැස් කොටුව පොලිසිය එක්ව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments