පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම පනත් කෙටුම්පත “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත” ලෙස නම් කර ඇති අතර, ඒ අනුව 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට යෝජනා කර ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියෝගය අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.
මෙම පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වීමෙන් පසු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිව තිබූ විශ්‍රාම වැටුප් හිමිකම අවසන් වීමට නියමිතය.

