Sunday, November 24, 2024
Homeදේශීයපාසල් දරුවන්ට ජංගම දුරකතන තහනම්..

පාසල් දරුවන්ට ජංගම දුරකතන තහනම්..

වයස 18 ට අඩු දරුවන් සඳහා ජංගම දුරකථන භාවිතයට නීති ගෙන ඒමට සූදානම් බව ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි. ඒ අනුව 18ට අඩු කාණ්ඩවල දරුවන් සඳහා දුරකථන භාවිතයේදී සීමා පැණවීමටත් ඊට අදාළ නීති රාමුවක් සකස් කිරීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කරන බවද ඇය සඳහන් කළාය. තමන් මේ ගැන ජනාධිපති වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරන බවත් ඇය කියා සිටියි. ජංගම දුරකථන හා සමාජ මාධ්‍ය ලමා පරපුරට විශාල තර්ජනයක් බවත් පවසන ඇය දියුණු තාක්ෂණය සමඟ දරුවන් යාවත්කාලීන විය යුතු බවට තර්කයක් නැති නමුත් අපේ රටේ දරුවන් බොහෝ දෙනකු ජංගම දුරකථන නිසා තමන්ගේ ජීවිත විනාශ කරගෙන සිටින බවත් පෙන්වා දෙයි. අද වන විට ජංගම දුරකථන පාසලට පවා රැගෙන යන බවත් එලෙස රැගෙන ඒම අනිවාර්යෙන්ම සීමා කරන බවද ඇය සඳහන් තවදුරටත් සඳහන් කළාය
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments