රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙට (07) දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දේ.
ඒ අනුව සිංහල සහ දෙමළ පාසල්වල දෙවන අදියර දෙසැම්බර් 08 වන දින ආරම්භ වන අතර, මුස්ලිම් පාසල්වල දෙවන අදියර නොවැම්බර් 24 වන දින ආරම්භ වන බවත් සඳහන් කරයි.

