Friday, January 16, 2026
Homeසියලුම පුවත්පාසල් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමේ තීරණයක්

පාසල් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමේ තීරණයක්

ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම නිසා හෙට (03) ආරම්භ වන නව පාසල් වාරයේ සිට ප්‍රවාහන ගාස්තු වැඩිකළ යුතු බව අන්තර් පළාත් පොදු පාසල් ළමයින් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරනවා.

ඒ අනුව එහි සභාපති රුවන් ප්‍රසාද් කියා සිටියේ පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමේ ගාස්තුව සියයට 20 කින් වැඩි විය යුතු බවයි.

මේ අතර සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ යාම නිසා සාධාරණ මිල ගණන් යටතේ පාසල් ප්‍රවාහන ගාස්තුව වැඩි කිරීමට තම සංගමයේ සාමාජිකයින්ට දැනුම්දී ඇති බවයි.

කෙසේ වෙතත් මේ මොහොතේ පාසල් ප්‍රවාහන ගාස්තු වැඩි නොකළ යුතු බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමය සඳහන් කළා

RELATED ARTICLES

Most Popular

Recent Comments