ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහන රථ ගාස්තු අද (10) දිනයේ සිට 5%කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.
සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ, අවස්ථා කිහිපයකදීම ඉන්ධන මිල සංශෝධනය වුවද, රටේ තත්ත්වය හමුවේ ප්‍රවාහන ගාස්තුවල වෙනසක් සිදු නොකළ බවයි. නමුත් රුපියල් 22කින් ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ගාස්තු වැඩි කිරීමට සිදු වීම අත්‍යවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
සභාපතිවරයා සඳහන් කළේ, “නිදාගෙන නැගිටිනකොට හදිසියේ තෙල් මිල ඉහළ ගිහින්, අපි ප්‍රවාහන සංගමයක් විදියට තීරණයක් ගත්තා 5% කින් ගාස්තු වැඩි කිරීමට. ඒ අනුව පාසල් දරුවෙකුගේ ගාස්තුව රුපියල් 10,000 නම් රුපියල් 500කින් වැඩි වෙනවා. අනෙකුත් සංගම් සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කර තීරණය ගත්තා.”
පාසල් වෑන් සහ බස් ගාස්තු අද සිට 5%කින් ඉහළට

