Thursday, October 23, 2025
Homeදේශීයපාසල් සිසුවෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

පාසල් සිසුවෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

බණ්ඩාරගම පොලිස් වසමේ පානදුර–හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය අසලදී සිදුවූ බරපතළ මාර්ග අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් ඇත.

අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට පැමිණි යතුරුපැදියක් හොරණ දෙසට ධාවනය වූ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බව පොලිසිය පවසයි.

අනතුරෙන් තුවාල ලැබූ පැදිකරු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කළ පසුව හොරණ රෝහලට මාරු කිරීමෙන් පසු මියගොස් ඇති අතර, ඔහු වයස අවුරුදු 17ක යටියන, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අතර ඊයේ (22) පොළොන්නරුව – හිඟුරක්කගොඩ මාර්ගයේ හතමුණ හන්දිය ආසන්නයේ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් තවත් මරණාන්තික අනතුරක් සිදුවී ඇති අතර, එහිදී අවුරුදු 59ක ඇතුමල්පිටිය පදිංචි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments