පාසල් වයසේ ළමුන් අතර දුම්පානය දිනෙන් දින ඉහළ යමින් පවතින බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න මහතා පවසයි.
අවසන් වශයෙන් 14 සිට 15 වයසේ ළමුන් බොහෝ දෙනා දුම්වැටි අත්හදා බැලීමට මුලපිරී ඇති බවද ඔහු සඳහන් කරයි.
මෙවැනි දුම්පාන ක්‍රියාවලිය හේතුවෙන් ඉදිරියේදී පෙනහළු ආශ්‍රිත රෝග, දිරාපත් තත්ත්වයන් හා තවත් බරපතල සෞඛ්‍ය ගැටළු ඇති විය හැකි බවටත් ඔහු අවවාද කරයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය යසරත්න වැඩිදුරටත් සදහන් කළේ, පාසල් වයසේ දුම්පානය අඩු කිරීම සඳහා පවුල්, පාසල් සහ සමාජය එක්වූ සමගියකින් බහුවිධ ප්‍රචාරක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි

