Monday, February 23, 2026
Homeදේශීයපාස්කු ප‍්‍රහාරය ගැන අපරාදෙ මට වද දුන්නේ.. Channel4 දැන් ඇත්ත හෙලි කරනවා…

පාස්කු ප‍්‍රහාරය ගැන අපරාදෙ මට වද දුන්නේ.. Channel4 දැන් ඇත්ත හෙලි කරනවා…

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට වසර හතරක් තිස්සේ වද දිදී සිටිය ද දැන් ඇත්ත හෙළිවෙමින් ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

චැනල් ෆෝ වීඩියෝව මගින් එම ප්‍රහාරය ගැන තොරතුරු හෙළි වී ගෙන එන බවත් හෙතෙම පැවසීය.

ඉදිරි දවස් කිහිපයේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව ඇති විවාදයේ දී තමන් බොහෝ තදින් කතා කරන බවද හෙතෙම කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොලොන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

චැනල් ෆෝ වාර්තාව පිළිබඳව හා පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ලබා දෙන ලෙස තමන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කරන බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය

RELATED ARTICLES

Most Popular

Recent Comments