කල්කුඩා පොලිස් වසමේ පාසිකුඩා මුහුදු තීරයේ දියනෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසු වී අතුරුදන් වී ඇති බව කල්කුඩා පොලිසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 39ක් වූ පොළොන්නරුව ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් ජිවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා ජිවිතාරක්ෂක නිලධාරීන් සහ ප්රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් සිදු කරමින් සිටිති.
කල්කුඩා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.
පාසිකුඩා මුහුදේ දියනෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසුවී අතුරුදන් වෙයි

