පෑලියගොඩ නගර සභාවේ 2026 අයවැය අද (19) දින එක් ඡන්දයකින් ජාතික ජන බලවේගයට පරාජය විය.
සභාපති කපිල සමන් කීර්ති විසින් අයවැය ඉදිරිපත් කළ අතර, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා නිදහස් පක්ෂය, සර්ව ජන බලය සහ පොදුජන එක්සත් පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළහ.

