Tuesday, February 17, 2026
Homeවිදේශීයපිලිපීනයේ ‘කල්මේගි’ සුළි කුණාටුවෙන් මරණ 114ක්

පිලිපීනයේ ‘කල්මේගි’ සුළි කුණාටුවෙන් මරණ 114ක්

පිලිපීනයට බලපෑ ‘කල්මේගි’ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 114 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (05) ඇති වූ මෙම සුළි කුණාටුව මේ වසරේ මධ්‍යම පිලිපීනයේ ඇති වූ ප්‍රබලතම එක බව එරට මාධ්‍ය සඳහන් කරයි.

සෙබු නගරය ජලයෙන් යටවී ඇති අතර එහි පමණක් මරණ 71ක් වාර්තා වී තිබේ. තවත් 127 දෙනෙක් අතුරුදන්ව ,82 දෙනෙක් තුවාල ලබා ඇත.

බොහෝ මරණ දියේ ගිලීමෙන් සිදුව ඇති බව කියවේ.

සුළි කුණාටුව අද (06) උදෑසන පිලිපීනයෙන් පිටව ගොස් මධ්‍යම වියට්නාමය දෙසට ගමන් කරමින් පවතී.

නිලධාරීන් අනතුරු අඟවන්නේ තායිලන්තයේ ද හදිසි ගංවතුර හා නායයෑම් ඇති විය හැකි බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments