Tuesday, February 17, 2026
Homeවිදේශීයපිලිපීනයේ සුළි කුණාටුවෙන් 58ක් මරුට...

පිලිපීනයේ සුළි කුණාටුවෙන් 58ක් මරුට…

මධ්‍යම පිලිපීනයට බලපෑ ‘කල්මේගි’ සුළි කුණාටුවකින් පුද්ගලයින් 58 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇති බවය.

කල්මේගි සුළි කුණාටුවත් සමඟ ඇතිවූ වර්ෂාපතන හේතුවෙන් ජල ගැලීම් තත්ත්වයක් වාර්තා වී ඇති බව සඳහන්ය.

එහිදී තවත් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදහන් වී තිබේ.

මේ අතර සහන කටයුතු සඳහා සහාය වීම යොදා තිබූ හමුදා හෙලිකොප්ටර් යානයක් මින්ඩනාඕ දූපතට කඩා වැටීමෙන් එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙක මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments