පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු මහජන සේවාවන් අද (24) දිනයේ තාවකාලිකව අත්හිටුවා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්රධාන කාර්යාලය සහ සියලුම ප්රාදේශීය කාර්යාලවල අද දිනයේ සේවා සපයන්නේ නොවන බවයි.
ඒ අනුව, එක්දින හැඳුනුම්පත් නිකුත් කිරීම ඇතුළු සියලුම මහජන සේවාවන් අද ක්රියාත්මක නොවන බවද දැනුම් දී ඇත.
පවතින තාක්ෂණික දෝෂය ඉක්මනින් නිරාකරණය කර සේවාවන් යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම, ඊයේ දිනද සේවාවන් ලබාගැනීමට නොහැකි වූ බවත්, අද දිනයේද සේවා නොලැබෙන බවට ජනතාව අතර අසහනයක් පවතින බවද වාර්තා වෙයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් අද තාවකාලිකව නවතී

