දළදා වන්දනාව හේතුවෙන් ආරක්ෂක රාජකාරීවල නිරතව සිටින පොලිස් නිලධාරීන් සඳහා විශේෂ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
“දළදා දැක්ම සමගම මේ වනවිට පොලිස් නිලධාරීන් 10,000කට ආසන්න පිරිසක් රාජකාරී සඳහා යොදවලා තියෙනවා. ඔවුන්ට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුකරනු ලබනවා. මහනුවර උසස් බාලිකා විදුහලේ 24,25,28 සහ 29 යන දිනවල එම දළදා වන්දනාව සඳහා රාජකාරියට පැමිණි තැපැල් ඡන්ද හිමි පොලිස් නිලධාරීන්ගේ ඡන්ද සලකුණු කිරීම සිදුකරනු ලබනවා. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා සියලුම දිස්ත්‍රික්කවලින් පැමිණි නිලධාරීන්ට ඔවුන්ගේ ඡන්දය සලකුණු කිරීමට හැකියාව ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් අදාළ උපදෙස් පොලිස්පතිවරයාට සහ මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු අදාළ නිලධාරීන්ට අදාළ දැනුම්දීම් සිදුකර තිබෙනවා.”
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්කරුන් 648,495 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අදාළ සියලු අයදුම්කරුවන් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විටත් නිකුත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.