Saturday, January 17, 2026
Homeදේශීයපොලිස් විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

පොලිස් විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

පොලිසිය විසින් ක්‍රියාත්මක කරන විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ (10) දිනයේ දිවයින පුරා පුද්ගලයින් 31,594 ක් පරීක්ෂාවට ලක්කර තිබේ.

මෙහිදී සැකපිට පුද්ගලයින් 693 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 31 දෙනෙක්, වරෙන්තුකරුවන් 288 දෙනෙකු, විවෘත වරෙන්තුකරුවන් 178 දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇත.

තවද, බීමත් රියදුරන් 22 දෙනෙකු, අපරික්ෂාකාරී ලෙස රිය පදවන සම්බන්ධයෙන් පුද්ගලයින් 16 දෙනෙකු සහ රථවාහන වැරදි සම්බන්ධයෙන් 4,320 දෙනාට නීතිය ක්‍රියාත්මක කර තිබේ.

මෙම මෙහෙයුමෙන් පොලීසිය අපරාධ වැළැක්වීම සහ මාර්ග ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියා කරමින් සිටින බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments