Friday, November 14, 2025
Homeදේශීයපොලිස්පති දිවයිනෙන් පිටව යයි – සංජීව ධර්මරත්න වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්

පොලිස්පති දිවයිනෙන් පිටව යයි – සංජීව ධර්මරත්න වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා අද (14) සිට වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

මෙය පිළිබඳව කටයුතු කර ඇත්තේ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටතට ගමන් කිරීම හේතුවෙනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතියට අනුව පොලිස්පතිවරයා විදේශගත වන අතර, එම කාලය සඳහා සංජීව ධර්මරත්න මහතාට වැඩ බලන පොලිස්පති ධුරය භාරදීමටත් අනුමැතිය ලබා තිබෙන බව වාර්තා වේ.

ඒ අතර, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා එළඹෙන 17 වැනිදා දිවයිනට නැවත පැමිණීමට නියමිතයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments