Wednesday, October 23, 2024
Homeදේශපාලනබදු ප්‍රතිපත්තියට එරෙහිව IMF නියෝජිතයින්ට සන්දේශයක්..

බදු ප්‍රතිපත්තියට එරෙහිව IMF නියෝජිතයින්ට සන්දේශයක්..

උපයන විට ගෙවීමේ බදු ප්‍රතිපත්ති සංශෝධනය කරන ලෙස ඉල්ලා වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව අද (20) ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට කාර්යාලයට සංදේශයක් භාරදුනි.

මෙරට ක්‍රියාත්මක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනනේ පළමු සමාලෝචනය සඳහා දිවයිනට පැමිණ සිටින නියෝජිත කණ්ඩායමේ අවධානය සඳහා අදාළ සංදේශය භාරදුන් බව වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේය.

ඔවුන් පවසන්නේ IMF පළමු සමාලෝචනයේදී අදාළ උපයන විට ගෙවීමේ බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවධානය යොමු නොවුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට  එළැඹෙන වන බවය.

මේ අතර පෙරටුගාමි සමාජවාදී පක්ෂය තවදුරටත් චෝදනා කරන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී එහි වැඩි බර මහ පරිමාණ ලාභ ලබන සමාගම්වලින් ඉවත් කර කම්කරු පන්තිය වෙත පටවා ඇති බවය.

මේ අතර ජීවන වියදම දැරිය නොහැකි මට්ටමකට වැඩි වී ඇති බැවින් වැඩකරන පන්තියේ සියලු ජනතාවට රුපියල් 20,000ක දීමනාවක් ඉල්ලා අරගලයක් ආරම්භ කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments