Tuesday, March 3, 2026
Homeweatherබදුල්ලේ ස්ථාන 6ක නායයෑම් – 4ක් මරුට – 9ක් අතුරුදන්

බදුල්ලේ ස්ථාන 6ක නායයෑම් – 4ක් මරුට – 9ක් අතුරුදන්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන හයක සිදුවූ නායයෑම් වලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා පැවැසුවේ, තවත් පුද්ගලයින් නව දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි.

ඊයේ (26) දිනයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වූ බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.

අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමට සහන සේවා කණ්ඩායම් මේ වන විටත් ක්‍රියාත්මක වන අතර සෙවීම් කටයුතු යාබදව දිවැසි වෙමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments