Thursday, February 12, 2026
Homeදේශීයබලපිටියේ වෙඩිතැබීම පිටුපස 'බබා' ?

බලපිටියේ වෙඩිතැබීම පිටුපස ‘බබා’ ?

බලපිටියේ පාසලක් අසලදී ඊයේ (17) සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් අනාවරණය වී තිබේ.

ඊයේ රාත්‍රි 8:30ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩි වැදුණු පුද්ගලයාම අහුන්ගල්ල පොලීසියට ගොස් සිද්ධිය පිළිබඳ පැමිණිලි කර තිබේ.

පසුව අහුන්ගල්ල පොලීසිය සුවසැරිය ගිලන් රථයකින් වෙඩි වැදුණු පැමිණිලිකරුව බලපිටිය මූලික රෝහලට රැගෙන ගොස් ඇත.

අහුන්ගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බබා’ නමැත්තාගේ ගෝලයෙකු බව කියන ලක්ෂාන් මධුෂංක මෙම වෙඩිතැබීම සිදුකර තිබෙන අතර ඔහුට ‘බබා’ නමැත්තාගෙන් මරණ තර්ජන තිබූ බවද හෙළිවී ඇත.

ඊයේ රාත්‍රියේ ‘බබා’ නමැත්තා ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී මත්ද්‍රව්‍ය පාර්සලයක් භාරදීමට බලපිටියට පැමිණෙන ලෙස දන්වා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments