Saturday, January 17, 2026
Homeදේශීයබස් - දුම්රිය ඒකාබද්ධ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සඳහා කැබිනට් අනුමැතිය

බස් – දුම්රිය ඒකාබද්ධ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සඳහා කැබිනට් අනුමැතිය

බස්, දුම්රිය සහ කුලී රථ සේවා අන්තර්සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණින් බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධ කරමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්‍රමය කාර්යක්ෂම හා විධිමත් කිරීමේ රජයේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව ක්‍රියාත්මක වේ.

ඒ අනුව මහනුවර, අනුරාධපුර, කොටුව, මොරටුව, රාගම, අවිස්සාවේල්ල, ගාල්ල, කටුනායක, කුරුණෑගල, ගම්පහ, කළුතර සහ කන්කසන්තුරය යන නගරවල බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙම ව්‍යාපෘති හරහා බස් හා දුම්රිය සේවා එකට ගෙන ඒමත්, මගී සංචාරය පහසු කර වැඩි කාර්යක්ෂමතාවක් ලබාදීමත් අරමුණ වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments