කොළඹ සහ බස්නාහිර පළාතේ යතුරුපැදි හා ත්‍රිරෝද රථ සොරකම් වර්ධනයක් පෙනී යන බව පොලීසිය පවසයි.
මාර්ගවල නවතා ඇති රථ සොරකම් කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදී විශාල සංඛ්‍යාවක් වූ පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය.
පසුගිය 8 සහ 9 වන දිනවලදී පමණක් බස්නාහිර පළාත තුළ යතුරුපැදි 10ක් සහ ත්‍රිරෝද රථ 3ක් සොරකම් කර ඇති බව පොලීසිය තහවුරු කර ඇත.
මෙය සොයාබැලීමට විශේෂ විමර්ශන කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
බස්නාහිර පළාතේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් ඉහළට

