Monday, December 22, 2025
Homeදේශීයබැස්ටියන් මාවත ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩිපහරින් මරුට

බැස්ටියන් මාවත ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩිපහරින් මරුට

කොළඹ බැස්ටියන් මාවතේ දී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන පාතාල සාමාජිකයකු ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස්ටි ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඉහළ විතානගේ ජෝශප් කුමාර නමැති 41 හැවිරිදි අයෙකු බවද පොලීසිය සදහන් කරයි.

මියගිය වෙඩිකරු ගම්පහ ප්‍රදේශයේ සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් අනුව අද අළුයම එම ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමේදී සැකකරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිසියට හමු වී ඇති අතර ඒ සමඟම සැකකරු සඟවාගෙන සිටි ටී 56 ගිනි අවියෙන් පොලිසිය ගමන්ගත් ගමන් ගත් වෑන් රථයට වෙඩි තබා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පෙරළා පොලීසිය සිදුකළ ප්‍රහාරයේදී සැකකරු බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් බවත් සැකකරු කළ වෙඩි තැබීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගමන් ගත් වෑන් රථයට අලාභ සිදු වී ඇති බවත් පොලිසිය කීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments