‘ලංකා ගවර්මන්ට් ක්ලවුඩ්’ සේවාවේ ඇතිවූ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනය කරයි.
අක්‍රීය වූ සියලුම රජයේ මාර්ගගත සේවාවන් අද (21) සිට සාමාන්‍ය ලෙස ජනතාවට භාවිතා කළ හැකි බව එම ආයතනයේ ප්‍රකාශකයෙකු පැවසීය.
‘ලංකා ගවර්මන්ට් ක්ලවුඩ්’ සේවාවේ ඇතිවූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක මාර්ගගත සේවාවන්ට සතිපතා බාධා සිදුවී තිබුණි.
ICTA පෙන්වා දුන්නේ, රාජ්‍ය ආයතන 34ක සේවාවන්ට සතියකට වැඩි කාලයක් මෙම ගැටලුවෙන් බලපෑම් එල්ල වී තිබූ බවය.
පද්ධතියේ ගැටලු නිරාකරණය කරමින් ස්ථාවරතාවය තහවුරු කර ඇති අතර, බිඳවැටුනු සේවාවන් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බවද එම ආයතනය තහවුරු කළේය.