ලෝකප්‍රසිද්ධ බීබීසී මාධ්‍ය ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්රවෘත්ති අංශ ප්‍රධානී ඩෙබොරා ටර්නස් දෙදෙනාම රැකියාවෙන් ඉල්ලා අස්වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන සැකසූ වාර්තා චිත්‍රපටයක් සංස්කරණය කිරීමේදී නරඹන්නන් නොමග යැවූ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් මෙම තීරණය ගැනීමට තීරණය කර තිබෙන බවය.
එම චෝදනා අනුව, චිත්රපටයෙහි අන්තර්ගතය සංස්කරණය කරන ලද ආකාරය නිසා විවෘතව විවේචන එල්ලවී ඇති අතර, ආයතනය තුළ විමර්ශන ක්‍රියාවලියක් ද ආරම්භ කර ඇත.
ටිම් ඩේවි බීබීසී ආයතනය වෙත යොමු කළ ලිපියකින් පවසන්නේ, වසර පහකට පසු රැකියාවෙන් ඉවත් වීම තම පෞද්ගලික තීරණයක් බවත්, තම කාලය තුළ ආයතනයේ ප්‍රගතිය පිළිබඳ සතුටක් පළ කරන බවත්ය.
ඩෙබොරා ටර්නස් ද තම අස්වීම පිළිබඳව පවසා ඇත්තේ, “බීබීසී මාධ්‍යයේ උසස් මට්ටමේ නිදහස සහ විශ්වාසය රැක ගැනීම අතිශය වැදගත් බව” යන්න බවයි.
මෙම අස්වීමෙන් පසු බීබීසී ආයතනයේ නව ප්‍රධානීන් ලෙස කවරෙකු පත් කරනු ඇත්ද යන්න මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.
බීබීසීයේ ප්‍රධානීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

