බුත්තල–මොනරාගල ප්රධාන මාර්ගයේ එකොළහ කණුව ප්රදේශයේ අද (10) දහවල් ලංගම බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අනතුරකට ලක්වී ඇත.
අනතුරෙන් ලොරි රථයේ රියදුරු සහ සහායකයෝ බරපතළ තුවාල ලබා බුත්තල ප්රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර, වැඩිදුර ප්රතිකාර සඳහා මොනරාගල දිස්ත්රික් මහ රෝහලට මාරු කර ඇත.
බස් රථයේ සිටි කිහිප දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය පැවසීය.
බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
බුත්තල–මොනරාගල මාර්ගයේ බස් සහ ලොරි අනතුරක්

