ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා තුර්කි රජය වරෙන්තුවක් නිකුත් කර තිබේ.
ගාසා ප්‍රදේශයේ සිදුවූ ජන සංහාරය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.
අගමැති නෙතන්යාහුට අමතරව, යුද්ධ මෙහෙයුම්වලට සම්බන්ධ ඉහළ නිලධාරීන් 37 දෙනෙකුටද මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.
ඒ අතරට ඊශ්‍රායල් ආරක්ෂක ඇමති ඉසරායල් කැට්ස් සහ ජාතික ආරක්ෂක අමාත්‍ය ඉතාමාර් බෙන් ග්වියර් යන අමාත්‍යවරුන් ද ඇතුළත් වේ.
බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට තුර්කි රජයෙන් වරෙන්තුවක්

