Thursday, November 13, 2025
Homeදේශීයබොරතෙල් මිල ඉහළට…ඩොලර්යත් ඉහළට

බොරතෙල් මිල ඉහළට…ඩොලර්යත් ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 63.63ක් ලෙසයි.

එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 59.75ක් ලෙස සටහන් වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.97ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.53ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 301.25 – රු. 308.25

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 298.44 – රු. 308.67

කොමර්ෂල් බැංකුව – රු. 299.28 – රු. 307.75

සම්පත් බැංකුව – රු. 301.50 – රු. 308.00

අමානා බැංකුව – රු. 302.90 – රු. 307.90

RELATED ARTICLES

Most Popular

Recent Comments