මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන මගී බස් රථ රියදුරන් සහ රිය සහායකයින් හඳුනාගැනීම සඳහා ආරම්භ කළ ජංගම රසායනාගාර මෙහෙයුමේදී බස් රියදුරන් 56 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර, එයින් 10 දෙනෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව හෙළිව ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
පසුගිය 21 වැනිදා කොළඹ බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පොළේදී අහඹු ලෙස තෝරාගත් රියදුරන් පිළිබඳ සිදුකළ පරීක්ෂාවේදී, අයිස්, හෙරොයින් සහ ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතය මූලික මුත්‍රා පරීක්ෂාවෙන් තහවුරු වී ඇති අතර, අදාළ රියදුරන් නෛතික ක්‍රියාමාර්ග සඳහා යොමු කර ඇත.
මෙම තත්ත්වය ගමනාගමන ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ අවදානමක් බවත්, ඇතැම් රියදුරන් පරීක්ෂාවෙන් වැළකීමට උත්සාහ දරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
බස්නාහිර පළාතෙන් ආරම්භ කළ මෙම මෙහෙයුම ඉදිරියේදී දිවයින පුරා පූර්ව දැනුම්දීමකින් තොරව නිරන්තරව සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

