මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට අදාළව පොලිස් නිලධාරීන් 500කට ආසන්න පිරිසකට එරෙහිව විනය පියවර ගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළා.
මත්ද්‍රව්‍ය වැරදිවලට සෘජුව සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් රැසක් සේවයෙන් ඉවත් කිරීමට ද කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අනුරාධපුරයේ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති අධුනික පොලිස් නිලධාරීන් විසිරයාමේ උත්සවයට එක්වෙමින් පොලිස්පතිවරයා මෙම කරුණු අවධාරණය කළා.
එම අවස්ථාවේ අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, පාතාලය, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාල මෙරටින් මුළුමනින්ම තුරන් කිරීම සඳහා රජය විසින් විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බවද පැවසීය.

