Tuesday, February 17, 2026
Homeදේශපාලනමතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට...

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට…

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ල වූ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සභාපති කසුන් මුණසිංහ අද (02) මතුගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් නෙලු නිශාන්ති ඉද්දමල්ගොඩ විසින් අද (02) උදෑසන පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුව සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

ලේකම්වරිය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ, අද උදෑසන රාජකාරියට වාර්තා කළ අවස්ථාවේදී සභාපතිවරයා විසින් තම රාජකාරි කටයුතු වලට බාධා කරමින් අනියම් ලෙස හැසිරුණු බවයි.

ඒ අනුව එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද දහවල් සභාපතිවරයා මතුගම පොලීසියට පැමිණ සිටි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සභාපති කසුන් මුණසිංහ අද හෝ හෙට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments