Homeසියලුම පුවත්මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණයෙන් වරෙන්තු

මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණයෙන් වරෙන්තු

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) වරෙන්තුවක් නිකුත් කර තිබේ.
කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට ගොනු කර ඇති නඩුවක් අද විභාගයට කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය ලබාදී ඇත.
නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහුගේ ඇපකරුවන් ද අධිකරණයේ පෙනී නොසිටි බව වාර්තා වේ.
ඒ අනුව, මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments