Saturday, January 17, 2026
Homeදේශීයමහ බැංකු සංචිතයේ සුළු පහළ යාමක්

මහ බැංකු සංචිතයේ සුළු පහළ යාමක්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2025 ඔක්තෝබර් මාසය අවසානයේ ඇමරිකානු ඩොලර් මිලියන 6,216 ලෙස වාර්තා වී ඇත.

මෙය 2025 සැප්තැම්බර් අවසානයේ ඩොලර් මිලියන 6,244 ක් ලෙස සටහන් වූ සංඛ්‍යාවට සාපේක්ෂව 0.4%ක සුළු පහළ යාමක් වේ.

මෙම අඩුවට ප්‍රධාන හේතුව ලෙස, විදේශ විනිමය සංචිතය ඔක්තෝබර් මාසය තුළ ඩොලර් මිලියන 6,179 සිට 6,100 දක්වා (1.3%) පහළයාම සටහන් වේ.

කෙසේවෙතත්, එම සමයේදී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 58 සිට 80 දක්වා (36.6%) වැඩි වී ඇති බව විශේෂත්වයකි.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, ගෝලීය රන් මිල ඉහළ යාම මේ රන් සංචිත වටිනාකමේ වැඩිවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments