Saturday, January 17, 2026
Homeදේශීයමහ වැස්සෙන් ගාලුපාර ජලයෙන් යටවෙයි

මහ වැස්සෙන් ගාලුපාර ජලයෙන් යටවෙයි

අධික වර්ශාපතනයත් සමග ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය මිරිස්ස නගරය ආසන්නයෙන් ජලයෙන් යටවී තිබේ.

දකුණු පළාතේ අතිශය ජනප්‍රිය සංචාරක පුරවරයක් වන මිරිස්ස නගරය මෙලෙස වැසි ජලයෙන් යටවීමට හේතුව අවිධිමත් කාණු පද්ධතිය සහ අනවසර ඉදිරිකිරීම් බව ජනතාව පවසයි.

මෙලෙස ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.

එසේම නගරයේ ව්‍යාපාරික ස්ථාන රැසක් ජලයෙන් යටව පැවතුණු බව අප වාර්තාකරු පැවසීය. (Derana)

RELATED ARTICLES

Most Popular

Recent Comments