Monday, March 2, 2026
Homeදේශීයමහජන ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියට සිදු වූ අත්පත් කරගැනීම ගැන CID විමර්ශනයක්

මහජන ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියට සිදු වූ අත්පත් කරගැනීම ගැන CID විමර්ශනයක්

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය බාහිර පාර්ශවයකට අත්පත් කරගැනීමට ලක්වීම සම්බන්දයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක් අනුව, අමාත්‍යංශයේ වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදී බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම නිරීක්ෂණය වී ඇති බව සඳහන් වේ.

එම අනතුරු උදා වූ අවස්ථාව යථාතත්වයට පත් කිරීමට SL CERT සහ ICTA ආයතනවල සක්‍රීය සහය ලබාගෙන අවශ්‍ය තාක්ෂණික පියවර ගැනීමට දෙසෑරී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මේ අතර වෙබ් අඩවියේ ප්‍රධාන රාජ්‍ය ලාංඡනය සම්බන්ධයෙන් අපැහැදිලි බවක් ද නිරීක්ෂණය වූ අතර, මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් අනුව අමාත්‍යංශ ලේකම්වරයා 9 වනදා CID වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ලට අනුව CID විසින් දැන් විමර්ශන ආරම්භ කර ඇති අතර, අමාත්‍යංශ මට්ටමින්ද වෙනම අභ්‍යන්තර පරික්ෂණයක් ද සක්‍රීය කර ඇති බව නිවේදනයේ වැඩිදුරටත් ප්‍රකාශ වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments