Sunday, October 26, 2025
Homeදේශීයමහජන සෞඛ්‍ය අර්බුදයක ! HIV/ලිංගිකව බෝවන රෝග ඉහළ යෑමේ අවදානමක් !

මහජන සෞඛ්‍ය අර්බුදයක ! HIV/ලිංගිකව බෝවන රෝග ඉහළ යෑමේ අවදානමක් !

අනාරක්ෂිත ලිංගික හා මත්ද්‍රව්‍ය ආශ්‍රිත හැසිරීම්වල නිරත වන 150,000කට අධික පුද්ගලයන් පිරිසක් සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාව බරපතල මහජන සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ.

ක්ෂණික මැදිහත්වීමක් නොකළහොත් ඉදිරි වසර කිහිපය තුළ HIV සහ ලිංගිකව බෝවන රෝග (STIs) තියුණු ලෙස ඉහළ යෑමේ අවදානමක් පවතින බව විශේෂඥයන් බිය පළ කරති.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග/ඒඩ්ස් පාලන වැඩසටහනට (National STD/AIDS Control Programme) අනුව, දැනට අධි අවදානම් පුද්ගලයන් 127,511ක් රට පුරා හඳුනාගෙන ඇත.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙන්නේ අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් හේතුවෙන් පහත කණ්ඩායම් දැඩි අවදානමකට මුහුණ දෙන බවයි:

පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමි (MSM) – 80,000, කාන්තා ලිංගික ශ්‍රමිකයන් (FSW) – 35,000, මත්ද්‍රව්‍ය එන්නත් කරන පුද්ගලයන් (PWID) – 3,011, ලිංගික සේවයේ නියැලෙන සංචාරක සේවා සපයන පිරිමි (Beach Boys/BB) – 6,000, සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් (TGW) – 3,500, ක් ලෙස මෙම නිල සංඛ්‍යා ලේඛනවල සඳහන් නමුත් පුළුල් ප්‍රජාව තුළ ලියාපදිංචි නොවූ පුද්ගලයන් ඇතුළත් නොවන බවද නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.

දැනට පුද්ගලයන් 6,000ක් පමණ HIV/AIDS රෝගයෙන් පෙළෙන අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් බස්නාහිර පළාතෙන් වාර්තා වේ.

ගාල්ල, මහනුවර, කුරුණෑගල, අනුරාධපුරය, මාතර සහ බදුල්ල යන ප්‍රදේශවලින් ද ඉහළ ආසාදන අනුපාත වාර්තා වී ඇත.

අධි අවදානම් කණ්ඩායම් අතර ආසාදන රටා දෙස බැලීමේදී බරපතල තත්ත්වයක් පෙන්නුම් කරයි.

සිෆිලිස් (Syphilis) පැතිරීම සහ HIV පැතිරීම පිළිවෙලින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් 13.3% , 1.4% කි.
කාන්තා ලිංගික ශ්‍රමිකයන් අතර, 3.2%, 1.8%ක් ලෙස, පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමි
2.9% , 1.5%ක් වශයෙන් වෙයි.

Beach Boys කණ්ඩායම අතර HIV හෝ සිෆිලිස් තත්ත්වයන් වාර්තා වී නොමැති වුවද, අනාරක්ෂිත ලිංගික හැසිරීම් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. එබැවින් මේ සම්බන්ධව ක්ෂණික සහ ක්‍රමානුකූල වැඩපිළිවෙළක අවශ්‍යතාව මෙහිදී දැඩි ලෙස අවධාරණය කෙරේ.

මූලාශ්‍රය- Daily Mirror

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments