වසර කිහිපයක් පුරා ඇණහිට තිබූ ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීම් කටයුතු අද (06) යළි ආරම්භ කෙරුණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී මෙම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කරන ලදී.
2021 වසරේදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය ආර්ථික අර්බුදය හේතුවෙන් නවතා දමා තිබුණි.
රුපියල් බිලියන 12.27ක දේශීය අරමුදල් යටතේ යළි ආරම්භ කරන මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් මාස 22ක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇත.
මෙම ගුවන් පාලම ඉදිකිරීමෙන් මහනුවර – පේරාදෙණිය මාර්ගයේ රථවාහන තදබදය අඩු වනු ඇති බව අපේක්ෂා කෙරේ.

