මහරගම සහ පන්නිපිටිය ප්‍රදේශවල අයිස් මත්ද්‍රව්‍ය පැකට් කර බෙදා හැරීමේ ක්‍රියාවලියක් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් වටලා තිබේ.
මෙහිදී ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රුපියල් ලක්ෂ 5කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සහ පැකට් කිරීමේ උපකරණ රැසක් ද සොයාගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක්, සීලර් යන්ත්‍රයක්, විද්‍යුත් තරාදි දෙකක්, මිනුම් උපකරණ කිහිපයක් සහ රු.16,800ක මුදලක් පොලීසිය අත්පත් කරගත් බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු 22 හැවිරිදි තරුණයෙකි. අනෙක් පස්දෙනා ඔහුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි අය බවට තොරතුරු ලැබී ඇත.
එම තරුණයා පන්නිපිටියේ නිවසක් රු.20,000 කුලී පදනම මත ලබාගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට ලැබුණු තොරතුරක් අනුව මෙය සිදුකරන ලදි.
පොලීසිය පවසන්නේ, සැකකරු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය ලබාගෙන එය පැකට් කර බෙදාහැරූ බව අනාවරණය වී ඇති අතර, ඔහුට මත්ද්‍රව්‍ය සැපයූ ප්‍රධාන ජාවාරම්කරු සම්බන්ධයෙන් ද විමර්ශන දිවෙමින් පවතින බවය.
මහරගම මත් ජාවාරමක් වටලයි – හයක් අත්අඩංගුවට

